Monday, June 25, 2012

මූසල අරාබිකරයේ තවත් අනුවේදනීය කතාවක්......



මූසල අරාබිකරයේ තවත් අනුවේදනීය                    කතාවක්

ගෙදර අය ඔක්කම බලා ඉදිද්දිගෙහිමි කාන්තාව ටියුබ් ලයිට් එකක්
කුඩුකර වතුරට දාලා බොන්න කිව්වා............

ජෝර්දානයේ වද හින්සාවලට ලක්වූ දේවි මලර් කියයි
කාන්තා විමුක්ති ස0විධාන කොච්චර තිබුනත් වැඩක් නෑ ...

ජෝරදානයේ 
දස වද වින්ද මොරාගොල්ල තරුණියගේ කදුලු කතාව

මෙම වේදනා සහගත කතාව අසන්නට ලැබුනේ වැලිමඩ මූලික රෝහලේ කාන්තා රෝගි අ0ශයේදිය.

මම ජෝරදානයට ගියේ අපිටම කියලා පොඩි ගෙයක් හදාගෙන අම්මයි තාත්තයි එක්ක නිදහස් ජිවිතයක් ගත කරන්නයි.
එහෙදි මම කිසිම වරදක් කලේ නෑ.
මුලදි මට එහේ භාශාව බැරි නිසා මාස දෙකෙන් ඒකත් ඉගෙන ගත්තා.
මාස දෙක තුනක් ගියාම මම පඩි ඉල්ලු නිසා තමයි මට මේ අපරාදය කලේ.
දැන් බලන්න මම ලන්කාවට ඇවිත් සති කීපයක්ම ගෙවුනා.
කෝ කාන්තාවන්ගේ විමුකතිය ගැන කාන්තා හි0සනයට එරෙහි වන ඒ ගැන කතා කරන ස0විධාන කවුරුවත් නෑ.
ල0කාවේ 'දිවයින'පත්තරෙන් විතරයි ඇයි මොකද උනේ කියලා හරි අහුවේ.මම ඉල්ලා සිටින්නේ මට මේ අපරාදය සිදුකල නිවෙස් හිමියාටත් මා ඔවුන් වෙත යොමු කල ඒජන්සිකරුටත් නිසි දඩුවම් ලබා දී ආබාදිත මට සාදාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙසටයි....


මේ පිලිබදව විදේශ සේවා නියුකති කාර්යන්ශයේත් ජෝර්දානයේ ල0කා තානාපති කාර්යාලයේත් අවධානය යොමුවිය යුතුයි කියලත් කියන්න වෙනවා.

ඇය නමින් දේවි මලර්යා.24 හැවිරිදි සුරූපි තරුණියකි.තැමිල් වුවද සි0හල තරුණිය සේම චතුර ලෙස සි0හල භාශාව හසුරුවන්නීය...
වැලිමඩට නුදුරු මොරගොල්ල ඩවුන් සයිට් වතුයායේ වතුකම්කරු පවුලක හැදී වැඩුනු ඇය කිව යුතු දේ කෙලින්ම කියන්නට ඇය නොපැකිලි වූවාය.

මාව විදේශගත කලේ 'මරදානේ' 'ආනන්ද රාජකරුණා මාවතේ' 'දෙවන පටුමගේ' අ0ක' 07' දරන ස්තානයේ පිහිටි (අයි. එන්. (1473) ලීඩ්ස් මෑන් පවර් ඒජන්සියෙනුයි..
ඒ සදහා කිසිදු මුදලක් ඔවුන් අය කලේ නෑ.රට යවන ගාස්තු පසුව වැටුප් වලින් අඩු  කරගන්නවා කියලා කිසිම දෙයක් කියා තිබුනෙත් නෑ.
මට මාසෙකට රු: 24,000/= ක් වැටුප් ගෙවනවා කියලා කිව්වත් මට ගෙව්වේ රු: 10,000/= යි.
මට හිරිහැර කරන්න පටන් ගත්තේ එහේ ගිහිල්ලා සතියක් විතර ගියාට පස්සේ ඉදලා.
මම මුලින්ම හිතුවේ එහේ වැඩ භාශාව මට හරියට අල්ලා ගන්න බැරි උන නිසා පහර දෙනවා කියලා.
ඒත් මම වැඩත් භාශාවත් දෙකම හොදට ටික දිනකින් හරි හැටි අල්ලා ගත්තා..

ඊට පස්සේ පඩි ඉල්ලනකොට තමයි පහර දෙන්න පටන් ගත්තේ.එතකොට කිව්වා මේ රටේ අයට ආදායම් නෑ ඔය ගාන තමයි දෙන්න පුලුවන් කියලා රු:10,000/= ක් දුන්නා.
මම ඒ සල්ලි තමයි අම්මලාට යැව්වේ.
මේ ගෙදර හත් දෙනෙක් හිටියා.මට දීලා තිබුනේ උඩු මහලේ කාමරයක්.
හැමදාම උදේ පහට ඇහැරිලා රෑ දෙක වෙනකම්ම වැඩ කරන්න ඔනේ.මාසෙකට එක පාරක් ගෙදර අම්මලාට කතා කරන්න දුරකතනය දීලා තිබුනා.මම අම්මගෙන් ඇහුවා මගේ මාස තුනක පඩි සල්ලි ගෙදර අය එව්වද කියලා.එතකොට තමා අම්මා කිවේ එක මාසෙක විතරයි ආවෙ කියලා.
මම මේ ගැන ගෙහිමියාගෙන් ඇහුවාම මට හොදටම අල්ලාගෙන ගැහුවා.ඒ වගේම ගෙදර අය කාලා ඉතුරු වෙන දෙයක් එක්ක සීනියි රොටි තමයි වැඩිපුර කෑවේ.
''ඒක නිසා අම්මට කතා කරනකොට බත් කන්න ආසයී කියලා කියනවා"
ඒ එක්කම ගෙදර ඉන්න බෑ මට ගහනවා හිරිහැර කරනවා කියලා කිව්වා.මේ ගෙය මාරු කරලා වෙන ගෙයකට යවන්න කිව්වා.ඒජන්සියටත් තානාපති කාර්යාලයටත් කියන්න කියලා මම අම්මලාට කිව්වා.අම්මලා එය ඒජන්සියට කිව්වාම ඒජන්සියෙන් ගෙහිමියට කියලා.ඊට පස්සේ උන් එදා මට හොදටම ගැහුවා.
කනේ තිබුනු කරාබු දෙකත් කඩලා දැම්මා.
ඒ ලගපාත කෙනෙක් මාව පොලිසියට ගිහින් දැම්මා.
මම පොලිසියට කිව්වා මට මේ ගෙදර මට ඉන්න බෑ ගහනවා,කන්න දෙන්නේ නෑ,මාව වෙන ගෙදරකට හරි ල0කාවට හරි යවන්න කියලා.
එතකොට පොලිසියෙන් කිව්වා එහෙම යවන්න බෑ කියලා ගෙහිමියා ගෙන්නලා මෙයාට අමාරුයි රෝහලකට ගෙනියන්න කිව්වා.
රෝහලකට ගෙනියනවා කියලා කෙලින්ම නැවත සිටි ගෙදරටම ගෙනාවා.
එදා ගෙහිමියාට හොදටම තරහා ගිහින් තිබුනේ
මාව කාමරයකට දාලා දොර වහගෙන හොදටම අතින් පයින් පහර දුන්නා.මගෙ අත පය ඔක්කොම හොදටම ඉදිමිලා තිබුනේ.
එදා මාත් එක්ක ඒ ඒජන්සියෙන්ම ජෝර්දානයට ගිය යාලුවෙක් හිටියා "නිලූකා' කියලා.
එයා හිටපු ගෙදර අය ඇමරිකාවට ගියා නිවාඩුවකට.ඒ යනකොට "නිලූකා' නතර කලෙත් මම හිටිය ගෙදරයි.
ඒත් "නිලූකා' එනකොට මගේ අත පය කඩලා දාලා ඉවරයි.
නිලූකා'මගේ අම්මලාට දුරකතන ඇමතුම් දිලා මේ සියලු විස්තර කියලා තිබුනා.
අම්මලා නැවත ඒජන්සියටත් තානාපති කාරයාලයටත් ගිහින් මේ සියලු විසතර කියලා තිබුනා.
ඒජන්සියෙන් මේ විස්තර ඔක්කොම ගෙහිමියාට කියලා.එදා ඉදලා ගෙහිමියා විතරක් නෙමෙයි ගෙහිමි කාන්තාවත් මට ගහන්න පටන් ගත්තා.එදා මට හොදටම ගහලා වැඩ කරපන් කියලා උබ ඔය බොරු කරන්නේ කියලත් කිව්වා.
දවස් දෙකක්ම කෑම දුන්නේ නෑ.ඔලුවට ගහලා ගහලා ඔලුව පුපුරන්න වගේ ආවා මට නැගිටගන්නවත් බැරි ගානයි.ඒත් වැඩ කරපන් කියලා ඇදලා අරන් අයෙත් ගහනවා.මම කිව්වා මට වැඩ කරන්න බෑ මට අමාරුයි මාව රෝහලකට ගෙනියන්න කියලා.ඒ පාර ගෙහිමි කාන්තාව කලේ ටියුබ් බල්බ් එකක් කුඩු කරලා වතුරට දාලා ඒක බොන්න කීවා.
ගෙදර කට්ටිය ඔකකොම වට්වෙලා බලාගෙන හිටියා බොනකම්.මම කෑ ගැහුවා මේවා බොන්න බෑ මන් මැරෙයි කියලා.ඒත් ගෙහිමි කාන්තාව මට බලෙන්ම ඒවා පෙව්වා.
ඊට පස්සේ මන් කෑගහලා කිව්වා මාව රෝහලකට ගිහින දාන්න කියලා.රෝහල් ගෙනියාන්න සල්ලි නෑ කිව්වා.දවස් දෙකකට පස්සේ ගෙහිමියා පෙති හතරක් දුන්නා බඩ විරේක යන්න.ඒවට බඩ ඉරාගෙන බඩ එලියේ ගියා.දැන් මට කිසිම වැඩක් කරන්න බෑ.ඇගපත පන නෑ.ඒත් වැඩ කරපන් කියලා  පහර දෙනවා.දෙසැම්බර් 18 වැනිදා මට හොදට මතකයි.ගෙහිමියා ගහපු පාරකට මගේ යටිබඩ මොනා උනාද කියලා මතක නෑ.මට බල්බ් පෙව්ව එක අසල කාන්තාවකට කියනවා "නිලූකා"ට ඇහිලා.එයා මේ බ් අම්මලාට දුරකතන ඇමතුමක් දීලා කියලා තියෙනවා ගෙහිමියාගේ දුරකතනය හොරෙන් අරගෙන.
අම්මලා අයෙත් ඒජන්සියටත් තානාපති කාර්යාලයටත් කියලා තියෙනවා.ඒ බව ඒජන්සියෙන් ගෙහිමියාට කියලා මාව රෝහලකට ගෙනියන්න කියලා.ඒත් රෝහලකට රැගෙන ගියේ නෑ.මේ බව අපේ ගෙදරට කිව්වේ මම කියලයි සැක කරලා තිබුනේ.මම එහෙම දෙයක් කීවේ නෑ කියලා කිව්වා.
ඊට පස්සේ දුරකතන ඇමතුම් සියල්ල ගෙහිමියා චෙක් කරලා.
ඒ පාර නිලූකට අල්ලගෙන හොදටම ගැහුවා.නිලූකා වේදනාව ඉවසගන්න බැරුව වැසිකිලියට දාන දියරයක් අරාගෙන බිව්වා.නිලූකටත් හොදටම අමාරුයි කියලා රෝහලකට ගෙනියනවා කියලා ගෙනිච්චත් එදායින් පස්සේ එයාව කවදාවත් දැක්කේ නෑ.
මේ අන්තිම දවසේත් ගෙදර හිටියේ ගෙහිමියා සමග ලමයි තුන්දෙනෙක් විතරයි.එදා මම රෑ වෙනකම් ඉදලා හුගාක් අමාරු නිසා ගෙදරින් පැනලා  තානාපති කාර්යාලයට ආවා.ඔවුන් මාව රෝහල් ගත කලා.26 දිනයි මාව පරික්ශා කලේ.බඩ ඇතුලේ බෝතල් කටු තියෙනවා කිව්වා.එක්ස්රේ පිනතූරත් ගත්තා.වෙදද්‍ය සහතිකත් ලිව්වා.එහේ ඔපරේශන් කරන්න බෑ ල0කාවට යවන්න කිව්වා.ඒ වෙලාවේ මම ලියුමක් ලියලා දුන්නා මාව පොලිසියට ගෙනියන්න නැතිනම් නඩු දාන්න කියලා.ඒජන්සියයි තානාපති කාරයාලයයි එකතුවෙලා මගේ හිග වැටුප් අරගෙන දුන්නෙත් නෑ.ඒ ගේ මාරු කරලා දුන්නත් නෑ.

ඒජන්සියෙන් කීවේ ඔහොම යනකොට හරි යයි කියලා.කොහොමහරි තානාපති කාරයාලයෙන් මාව පොලිසියට අරගෙන ගියා පාස්පෝර්ට් එක ගන්න කියලා.ඒ වෙලාවේ ගෙහිමියාටත් එන්න කියලා තිබුනා.ගෙහිමියා පොලිසියේ යාලුවෙකුත් එක්ක ඇවිත් තානාපති කාර්යාලයේ අයට සල්ලි වගයක් දීලා මාව යලි ඒ ගෙදරටම අරගෙන ගියා.ඒ වෙලාවේ දොරවල් ලොක් කරලා මට හොදටම ගහන්න පටන් ගත්තා.මට හුස්ම ගන්නත් බැරුව ගියා.එදා කිව්වා ඇදුම් ඔක්කොම ගලවන්න කියලා.මම ගැලෙව්වේ නෑ.ඔය කකුල් දෙකෙන් නේද පැනලා ගියේ කියලා කකුල් දෙකට හොදටම ගැහුවා.ඒ ගහපු පාරකට විසිවෙලා ගිහිල්ලා සීතලට පත්තු කරන ගෑස් ලාම්පුවක් උඩට වැටුනා.
මන් ඇදගෙන හිටිය කලිසමට ගිනි ඇවිලුනා.ඒක නිවන්න කියලා මන් වේදනාවෙන් කෑ ගැහුවා.පස්සේ මට සිහිය ආවේ රෝහලේදි.මගේ තුනටියෙන් පහල සේරම ගිනි ඇවිලිලා.පිලිස්සිලා විරූපි වෙලා.දෙයියනේ මට උන අපරාදයක්.මම ආබාදිතයි.නැගිටගන්න බෑ.
මේ බව රෝහලෙන් පොලිසියට කියලා පොලිසියෙනුත් ආවා.ගෙහිමියාත් ආවා.ල0කාවට යන්න ඕනෙනම් මම හිතලම පුච්චාගත්තා කියන්න කිව්වා.නැතිනම් මෙහෙදි මරලා වලදානවා කිව්වා.එතන හිටිය අක්කා කෙනෙක් කීවා න0ගී ඔයා පන බේරගෙන ල0කාවට යන්න කියලා.
ම0 පොලිසියට කිව්වා මගේ හිග වැටුප් හා පාස්පෝර්ට් එක අරන් දෙන්න කියලා.පොලිසියෙන් ඒවා අරන් දෙනවා කිව්වත් පාස්පෝර්ට් එක විතරයි දුන්නේ.
ඒ රොහලේදී බේත් පෙති බිව්වෙත් වැසිකිලි වතුර වලින්.ඒත් ඒ රෝහලේ වෙදද්‍යවරු හරි හොදයි.එයාලා තමයි අම්මලාට දුරකතන පනිවිඩ අරගෙන දුන්නේ. අම්මලා බොහොම මහන්සි වෙලා ජනාදිපතිතුමාට පැමිනිලි කරලා මාව ගෙන්නා ගත්තා.
ඒජන්සියෙන් මගේ හිග වැටුප් සල්ලි අරගෙන ඒවා මට දුන්නෙත් නෑ.මාස 6ක වැඩ කරලා තියෙනවා.මාස 6ක් ගුටී කාලා රෝහල් වල ඉදලා තියෙනවා.එහෙම තමයි මගෙ අව්රුද්ද ගෙවුනේ.ඒ වගේම මගේ වෙදද්‍ය සහතික  එක්ස්රේ කොපිය සියල්ලම රෝහලේ තියා ගත්තා.ඒවා ඒජන්සියෙන් අරගෙන යයි කිවා.
ඒ වගේම මගෙන් ලිපියක් ලියා ගත්තා මගේ කැමැත්තෙන් කකුල් දෙක පුච්චා ගත්තා කියලා.නැතිනම් ල0කාවට යවන්නේ නෑ කිවා.
මම දැන් කෙලින්ම ඇවිත් ‍වැලිමඩ මූලික රෝහලට ඇතුලත් උනා.18 වෙනිදා බදුල්ල රෝහලට යවනවා කිව්වා.මමනම් කියන්නේ ල0කාවේ කිසිම කෙනෙක් ජෝර්දාන් යන්න එපා කියලා.මේ වගේ දුක් විදින අය ගොඩාක් එහෙ ඉන්නවා.හරියට පඩි දෙන්නේ නෑ.කන්න දෙන්නේ නෑ.
ල0කාවේ අම්මා කෙනෙක් ඉන්නවා.අව්රුදු 28ක හිරකරගෙන වැඩ ගන්නවා.


Saturday, June 23, 2012

                   ......ලෝකයේ සුන්දරම මිනිසුන්ගේ අව්‍යජ වු දුක හදුනාගන්න......
                                        ......ඔබ සදහා වු ආදරණීය ඇරබුම......